ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි.
ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍ර හිමියන්ගේ සංගමය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් විත්තිකරුවන් ලෙස කරමින් ගොනුකළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2024/1 දරන ගැසට් නිවේදනය මගින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 20 දක්වා වැඩි කළ බවයි.
මෙම වාර්ෂික බලපත්‍ර ගාස්තු වැඩිකිරීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දී 2017 වසරේ ගැසට් නිවේදනය අනුව ගාස්තු අය කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.