ලක්ෂ්මන් කදිරගාමර් වැනි ලෝකයේම අවධානය දිනාගත් විදේශ ඇමතිවරු බිහිකළ රටේ වර්තමාන විදේශ ඇමතිවරයා අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවට ලක්කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
සියලු දෙනාටම හැකියාවන් සහ කළ නොහැකි දේ ඇති අතර තමන්ට ඉංග්‍රීසි බැරි බව පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළ බවත් දෙමළ භාෂාව කතා කාරීමේ හැකියාව තමන්ට ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.
වැඩබැරි ටාසන්ලා පිරිසක් බලයට පත්ව බැරි දේවල් පුළුවන් යැයි සිතාගෙන ලෝකය ඉදිරියේ රටම පච කරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.
මේ දෙවන අවස්ථාව බවත් මීට පෙර මාතර බිග් කුච්චන් ද මේ ආකාරයටම රට ලැජ්ජාවට පත්කළ බවත් ඉදිරියට යන විට ආණ්ඩුවේ සියලුදෙනාම බිග් කුච්චන්ලා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීලනිප ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එකතු වෙමිනි.