වර්තමාන රූකඩ ආණ්ඩුව පෙරළා දැමිය යුතු බව ඔවුන්ට ඡන්දය ලබා දුන් ජනතාව ද දැන් ප්රකාශ කරන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර පවසයි.
එහෙත් ඊට පෙර නව ආණ්ඩුවක් පිහිටුවා රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ සාකච්ඡා කළ යුතුව ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එවැනි සාකච්ඡාවකින් තොරව විසඳුමක් නොමැතිව ඒකාබද්ධ විපක්ෂය හෝ කුමන විපක්ෂයක් හෝ හදා ගෙන පොළොවේ පස් කෑව ද පලක් නොමැති බව මන්ත්රීවරයා ප්රකාශ කරයි.
සර්වජන බලය ජනහමුක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.