උදාවෙන නත්තල් උත්සවය අප සැමරිය යුත්තේ මේ රටේ අද ආර්ථික අපහසුතා නිසා පීඩා විඳින අහිංසක ජනතාව සම්බන්ධ කරගෙන යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.
මෙදා නත්තල් උළෙල සඳහා නිකරුණේ මුදල් වැය කර සාද පවත්වනවාට වඩා එම මුදල් දිළින්දන් වෙනුවෙන් වැය කිරීම ආදර්ශවත් යැයි ද කාදිනල්තුමා කීවේය.
රට ආර්ථිකයෙන් විශාල ලෙස වැටී තිබිය දී පුහු ආටෝපයෙන් තොරව ඉතා හරවත් නත්තලක් ගත කළ යුතු යැයි ද කාදිනල්තුමා ප්රකාශ කළේය.