වාහන ආනයන ආදායම් ඉලක්ක ඉක්මවයි… දැනටම බිලියන 430ක ආදායමක්…!

September 19, 2025 at 12:03 pm | by emanisa.lk

ආනයනික වාහනවලින් රේගු දෙපාර්තමේන්තුව මේ වන විට රුපියල් බිලියන 430 කට ආසන්න බදු ආදායමක් උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසයි.

වාහන ආනයනයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ දී රුපියල් බිලියන 450 ක ආදායමක් බලාපොරොත්තු වන බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

වාහන ආනයනය රජය විසින් තවමත් සීමා කර නොමැති නිසා වාහන ආනයනයෙන් රේගුවට උපයාගත හැකි වාර්ෂික බදු ආදායම රුපියල් බිලියන 450 ඉක්මවා යනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *