වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ.
මෙ රටට අවශ්‍ය තරම් වාහන ප්‍රමාණයක් ඇති බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එහෙත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.