මෙවර ජනාධිපතිවරණයේ විශාලතම පෙරළිය කළ හැකි අපේක්ෂකයා ව්‍යවසායක දිලිත් ජයවීර බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
“මේ මැතිවරණයේ ලොකුම පෙරළිය කළ හැකි ශක්තිය තියෙන්නේ එතුමාට. මොකද 1950 දශකයේ දී වාමවාදී බලවේගත්, ජාතිකවාදී බලවේගත් එකට එකතුවෙලා බණ්ඩාරනායක මැතිතුමාට නායකත්වය දුන්නා. ඊළඟට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලවේගයේ නායකත්වය දැරුවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා.
හැබැයි මේ ඉතිහාසය පුරාම ඒ ජාතිකවාදී බලවේගවල කොඩිය තියාගෙන හිටිය නායකත්වයට අද කවුරුත් ඉදිරිපත් වෙලා නෑ. මේ ජනාධිපතිවරණයේ දී සමස්ත බලවේග වෙනුවෙන් ඉන්න අධිරාජ්‍ය විරෝධී බලවේග වෙනුවෙන්, දේශප්‍රේමී බලවේග වෙනුවෙන් ඉන්න එකම අපේක්ෂකයා දිලිත් ජයවීර මහතා. ඒ නිසා රටට ආදරේ හැමෝගෙම ඡන්දය එතුමාට ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා.”