පුවත් වාර්තා කිරීමේදී වෙඩි තැබීම් එකින් එක ගණන් කරමින් “අද 99 වුණා.. 101ක් වුණා..” යැයි උත්තේජනයක් එමගින් ලබා නොදීම වැදගත් බව ඇමති නලින්ද ජයතිස්ස පවසයි.
මෙවැනි අපරාධ උත්තේජනය වන වාර්තාකරණයෙන් ජනප්‍රියත්වය සඳහා තරඟ කරන කණ්ඩායම්වලට එයින් අරමුණක් ලැබෙන බව ද ඔහු කියා සිටියේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය.