ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ධවල මන්දිරය විසින් අද (09) මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා තිබේ.
අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය 44%ක්.
මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පසුගියදා ඇමති වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ ඇමරිකාව සමග නව බදු ගැන සාර්ථක සාකච්ඡා වට අටක් පැවැත්වූ බවත් ඇමරිකාවෙන් ලංකාවට කොළ එළියක් වැටී ඇති බවත්ය.