වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීමක් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ, නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේ දී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළ බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (26) කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මෙම නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් සිදු කළේය.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණ වී නොමැති බවයි. නඩුව 2026 පෙබරවාරි 27 වනදා යළි කැඳවීමට නියමිත ය.්