වරාය මුළුතැන් ගෙයත් පෞද්ගලික අංශයට… ප්‍රධාන හොටෙල් දෙකකින් ලංසු…!

June 19, 2024 at 11:58 am | by emanisa.lk

වරාය මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට ලබා දීමට රජය පිඹුරුපත් සකසමින් ඇතැයි වරාය වෘත්තීය සමිති චෝදනා කරයි.

වසර 80ක් පමණ පැරණි මෙම මුළුතැන්ගෙය පාඩු ලබන බව පවසා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට වරාය මුළුතැන්ගෙය ලබා දීමට යන බව ද වරාය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ පවසයි.

මෙම මුළුතැන්ගෙය පාඩු ලබන තත්ත්වයේ පවතින්නේ පාලනාධිකාරියේ දූෂණ නිසා යැයි ද එම දූෂණ හා අක්‍රමිකතා නැවැත්වීමෙන් මෙම මුළුතැන්ගෙය ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට පැවරීමට පියවර ගෙන ඇත්තේ, වරාය සේවකයන්ට ගුණාත්මක ආහාර වේලක් ලබා දීමට බව ද ඒ අනුව, රුපියල් 500කට පමණ මිල කර ඇති කෑම පැකට්ටුවක් මේ හරහා රුපියල් 400ක පමණ මිලකට ලබා දිය හැකි බව ද වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු, මුළුතැන් ගෙවල් පාලනය කරන සමාගමක් නොවන බව ද මෙම ආහාර ලබා දීමේ කාර්යයට මෙරට ප්‍රධාන පෙළේ හෝටල් 2ක් පමණ මේ වන විට ටෙන්ඩර් කැඳවීම්වලට අනුව ඉදිරිපත් වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම මුළුතැන්ගෙය ගුණාත්මකභාවයෙන් යුතු තැනක් කිරීමට විරුද්ධ වන්නේ එයට ලැබෙන එළවළු, මස්, මාළු, බිත්තරවලින් පවා ගසාකෑම් සිදු කරන පුද්ගලයන් බව ද ඔවුන් දැනට ලබා දෙන කෑම පාර්සලය ද වැඩි මිලට වෙනත් පාර්ශ්වවලට විකුණා කටයුතු කරන දූෂිත පිරිසක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *