අද වන විට රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත් එළැඹෙන මාසය වන විට බොහෝ නඩු ප්‍රමාණයක් අධිකරණය හමුවේ පැවරෙනු ඇති බවත් නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.
ඒ අනුව අද වැඩ වර්ජන ගැන කතා කරන බොහෝ දෙනෙකුට ඒවා කිරීමට සිදුවන්නේ බන්ධනාගාර ගතව සිටිමින් බවට ද ඔහු අනතුරු අඟවයි.
අද වැඩ වර්ජන ගැන කතා කරන්නේ එදා රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටි අය ඔවුන්ගේ බලය අහිමි වී ඇති නිසා බව ද නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.
ගාල්ලේදී මාධ්‍ය අමතමින් නලින් හේවගේ මෙම අදහස් පල කළේය.