පසුගිය දිනේ දෙකේ වර්ජනයට එකතු නොවී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන්ට වරප්‍රසාද ලබා දීමට එරෙහි වන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න පෙන්වා දෙන්නේ එම දිනේ දෙකේ සේවය වාර්තා කළ විධායාක ශ්‍රේණියේ නොවන රජයේ සේවකයන්ට වැටුප් වර්ධකයක් සහ සේවා ප්‍රශංසා සහතිකයක් ලබා දීමට රජය සූදානම් වන බවයි.
සමස්ත රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සිය වෘත්තීය සමිති අයිතිය රැක ගැනීමට ශ්‍රේෂ්ඨාධීකරණය හමුවට යන බව හෙතෙම අවධාරණය කරයි.