විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අද (05) හෝ හෙට (06) ආරම්භ කරනු ඇතැයි අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බොහෝ දෙනෙකුගේ දරුවන් ද අපොස උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින හෙයින් ගෙවල්වලින් ප්‍රශ්න මතු වන නිසා ඔවුන්ට තව දුරටත් එසේ කටයුතු කිරීමට නොහැකි බව ද ඇමතිවරයා කීවේ ය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට ම පැවැත්වීමට උපරිම උත්සහ දරන බවත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කර අවසන් වූ වහා ම අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට හැකියාව ලැබෙන බව ද ඇමතිවරයා කීය.
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට මේ වනවිට ගුරු සංගම් ද එකඟතාව පළ කර ඇති අතර ඔවුන්ගේ දීමනා ද උපරිම ලෙස වැඩිකර ඇතැයි ද ඊට රුපියල් මිලියන 425ක අතිරේක ප්‍රතිපාදනයක් මහ භාණ්ඩාගාරයෙන් ලබා දී ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමතිවරයා ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී මෙම තොරතුරු අනාවරණය කළේ ය.