වන සතුන්ගෙන් වන වගා හානි වැළැක්වීමට පැවති ආණ්ඩු දුන් විසඳුම් සාර්ථක නැහැ….! – ඇමැති ලාල්කාන්ත….

December 9, 2024 at 9:16 am | by emanisa.lk

ගොවි ජනතාවගේ වගාවන්ට වන සතුන්ගේන් වන හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් පැවති රජයන් ගත් පියවර සාර්ථක විසඳුම් නොවූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම හා වාරිමාර්ග ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, රිලවුන් වන අලින් සහ භව බෝගවලට හානි කරන සතුන් පාලනය සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ ඒකකයක් පිහිටුවීම සිදු කර ඇති බව ඇමැතිවරයා අනාවරණය කරයි.

මේ වන විට සකස් කර ඇති, නව කෘෂිකර්ම ප්‍රතිපත්තිය පිළිබඳව වර්තමාන තත්ත්වය හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ පිළිබඳව කියා සිටියේය.

ගොවි ජනතාවට ඍජුවම බලපාන කරුණු පිළිබඳව ගතහැකි කෙටිකාලීන විසඳුම් සම්න්ධයෙන් මෙන්ම මේ වන තෙක් ගෙන ඇති පියවරවල ප්‍රගතිය ද මෙම සාකච්ඡාවේදී සලකා බලන බැලිණි.

හදිසි ආපදා තත්ත්වය හමුවේ ගොවි ජනතාවගේ භව භෝගවලට සිදුව ඇති හානි සහ වාරි නිර්මිතයන්ට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කර ගැනීමට ක්ෂණික පියවර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු සිදු කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *