වතු කම්කරු වැටුප 1700ක් කරන්න දැඩි උත්සාහයක් ගන්නවා…! – ඇමති සමන්ත විද්‍යාරත්න….

June 26, 2025 at 4:42 pm | by emanisa.lk

රජයට වතු කම්කරු වැටුප ඍජුව වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් වතු කම්කරු වැටුප ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේ ඒ නිසා බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ හැකියාව ඇත්තේ වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති එළඹෙන සාමුහික ගිවිසුම අනුව බවත් රජය එහි මැදිහත් පාර්ශ්වය ලෙස කටයුතු කරන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

වතු හාම්පුතන් සමග ආණ්ඩුව සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත් මේ වසර තුළ වතු කම්කරු වැටුප රු. 1700 දක්වා නැංවීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බව ද ඇමති සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *