යාපනයේ වඩමාරච්චි කාර්කෝවලම් ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පවත්වා ගෙන ගිය යුද හමුදා කඳවුරක් මේ මස 30 වැනිදාට පෙර ඉවත් කර ගැනීමට යුද හමුදා මූලස්ථානය කටයුතු කරමින් තිබේ.
අක්කර 8 ක වපසරියකින් යුතු මේ ඉඩම අයිතිකරුවන් තුන්දෙනකුට අයත් ඉඩම් කොටසක් වන අතර එම ඉඩම්වල අයිතිකරුවන් කාලයක සිට රජයෙන් කළ ඉල්ලීම්වලට අනුව එම ඉඩමෙන් යුද හමුදා කඳවුර ඉවත් කිරීමට තීරණය කොට තිබේ.
මේ ප්‍රදේශයේ වැසියන් යුද සමයේදී පළාත් අතහැර යෑමෙන් පසුව වඩමාරච්චි කාර්කෝවලම් ප්‍රදේශයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමට හමුදා සේනාංක රඳවා තැබීම සඳහා මෙම ඉඩම අත්පත් කරගෙන තිබුණි.
වසර 34 කට පෙර අත්පත් කරගත් මේ ඉඩමේ ස්ථිර් ගොඩනැඟිලි රාශියක් හා ස්ථිර වගා විශාල සංඛ්‍යාවක් ඇති අතර කඳවුරේ ගොඩනැඟිලි හා වගාවන් එලෙසම තිබියදී හමුදා භට පිරිස් හා වාහන පමණක් ඉවත් කර ගැනීමට තීරණය කොට තිබේ.