වගා හානි කරන්නේ කලින් ආණ්ඩු කාලේ පැටවු ගහපු රිලවු….! – ඇමති සමන්ත විද්‍යාරත්න…

December 21, 2024 at 2:51 pm | by emanisa.lk

රිලා වඳුරු අලි දඬුලේන් ප්‍රශ්නය විශාල ගැටලුවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

එහෙත් මාලිමාණ්ඩුව පැමිණි විගස රිලව් පැටවු ගැසුවා හෝ අලි වැඩි වුණා නොව ඒවා කාලයක් තිස්සේ නොවිසඳුනු ප්‍රශ්න බවයි, ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරොවෙන් කපන තත්ත්වයට පත්ව ඇති බවත් තමන් භාරගත්තේ අසාධ්‍ය රෝගියෙකු වැනි රටක් බවත් සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

මෙම ප්‍රශ්නවලට රටේ නීතියට අනුගතව විද්‍යානුකූල ලෙස විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *