කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සිදුකළේ අසත්‍ය ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, එම වකුගඩු රෝගයට හේතු මේ වන විටත් පර්යේෂණ මගින් තහවුරු කර ඇති බවයි.
වසර 15ක් පමණ සිදුකළ පර්යේෂණ අනුව මෙම රෝගයට හේතුව කෘෂි රසායන කිහිපයක් සහ දිගුකාලීනව ශරීරයේ ඇති වන විජලන තත්ත්වය බව ද මහාචාර්ය ජයසුමන සඳහන් කළේය. ඊට විසඳුම ලෙස අදාළ ප්‍රදේශවලට 2011 වසරේ සිට පිරිසිදු පානිය ජලය ලබා දෙන හෙයින් මේ වන විට රෝග ව්‍යාප්තියේ අඩුවක් දැකගත හැකි බව ද හෙතෙම කීය.
මෙය ද විශාල සෙනගක් දැකීම නිසා හිතට පැමිණි අවේගය සමග සිදුකළ කොළඹ වරාය නගරය සඳහා ලංකාවේ ගල් ප්‍රමාණවත් නැතැයි සිදුකළ ප්‍රකාශයට නොදෙවෙනි එකක් බව ද චන්න ජයසුමන වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ගොවිජන පදවල ව්‍යාප්ත වන වකුගඩු රෝගයට හේතුව ඉදිරි මාලිමා ආණ්ඩුවක් යටතෙත් පර්යේෂණ මගින් සොයා ගන්නා බවයි, අනුර දිසානායක පසුගියදා එම පක්ෂයේ දෙහිඅත්තකණ්ඩිය ගොවි හමුව අමතමින් ප්‍රකාශ කළේ.