ලෝක බැංකුවෙන් ලැබුණේ ඩොලර් මිලියන 200ක ප්‍රදානයක්… ඒක ණයක් ද කියලා මම දන්නෑ..! – හඳුන්නෙත්ති…

November 6, 2024 at 10:21 am | by emanisa.lk

තමන් මාධ්‍යවලින් දැනගත් ආකාරයට මාලිමාණ්ඩුවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ලැබුණේ ප‍්‍රදානයක් ලෙස බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එය ණයක් ද ආධාරයක් ද යන්න ආණ්ඩුව මගින් නිල වශයෙන් තහවුරු කර ගැනීමට හැකි වූයේ නැති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද මාධ්‍යවලින් තමන් දැනගත් ආකාරයට එය ප්‍රදානයක් බව ද සුනිල් හඳන්නෙත්ති පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනියේ පැවති ‘කරට කර’ වැඩසටහනට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *