ලෝක ආර්ථික දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව තවත් පහළට ඇද වැටෙමින් මෙවර ලකුණු 24.7 ලබා ගනිමින් D ශ්‍රේණියේ රටවල් අතරට පිවිස තිබේ. ටොංගෝ, ඇන්ගෝලා, පැපුවානිව්ගිනියා, ජිබෝල්ටා වැනි රටවල් ශ්‍රී ලංකාවට ආසන්න ලකුණු මට්ටම්වල පවතින සෙසු රටවල්ය.
2024 වසරේ රනිල් වික්‍රමසිංහ පාලන සමයේ ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 32ක් ලබා ගත් අතර මෙවර එම ලකුණු ප්‍රමාණය 24.7 දක්වා පහත වැටී තිබේ. 2020 වර්ෂයේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවට ලකුණු 38ක් හිමි විය.
මෙම දර්ශකයේ සාමාන්‍ය ලකුණ 43ක් වන අතර ඊට පහළ ලකුණු ලබාගන්නා රටවල් දූෂිත රටවල් ලෙස සැලකේ.