ආණ්ඩුවක පළමු දින 100 ජනතාව සහ ආණ්ඩුව අතම මදුසමය යැයි ඉංගිරිසි කියමනක් ඇතැයි සර්වජන බලය විධායක සභික උදය ගම්මන්පිල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම කාලය තුළ ආණ්ඩුවෙන් යම් අතපසුවීමක් වුව ද ජනතාව එය ඉවසන නමුත් මෙවර මාලිමාණ්ඩුවට මසක් සපිරීමටත් පෙර ජනතාව ආණ්ඩුවට රිදවා ඇති බවයි.
ලෝක ඉතිහාසයේ පළමු මාසය තුළ සිය ජනපදනම අඩු කරගත් පළමු ආණ්ඩුව මාලිමාණ්ඩුව බව ගම්මන්පිල ප්‍රකාශ කරයි.
මෙයට හේතුව ජනතාවට බොරු කීම, ජනතාවට පදනම් විරහිත දෑ කීම සහ අත්දැකීම් නොමැති අපරිණත පාලනය බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඊයේ (29) දෙරණ වාද පිටිය වැඩසටහනට එකතු වෙමින් උදය ගම්මන්පිල මේ බව කීය.