ලෝකයේ අලි ඝාතන වැඩි ම රට ලංකාවයි..! – ඩලස්…

December 14, 2023 at 4:06 pm | by emanisa.lk

ලෝකයේ අලි ඝාතන වැඩි පුරම සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

“එමෙන්ම අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත හානි සිදු වන ලොව දෙවැනි වැඩිම රට බව ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. නවතම වාර්තා අනුව පසුගිය වසරෙත් මේ වසරෙත් අලි ඝාතන වැඩිම රට බවට අපේ රට පත්වෙලා තියෙනවා. මේක බරපතළ ඛේදවාචකයක්.

සංස්කෘතික හා මානව ගැටලුවක්. ලොව වැඩිම අලි ඝාතන කරන රට බවට පත්වෙලා තිබුණේ ටැන්සානියාව. ඉන්දියාව, මොසැම්බික් තිබුණා. ඒ සියල්ල පරාජය කර අපි ඉදිරියට ඇවිල්ලා.

විසිට් ශ්‍රී ලංකා කියලා සංචාරක ව්‍යාපාරය වර්ධනය කරන්න විශාල කැම්පේන් එකක් යනවා. හැබැයි අපේ මානව ගරුත්වය කෙලෙසුණොත් විශාල ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා මේ දෙකම තුලනය කර ගත යුතුයි.”

අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (13) ඇති වූ සංවාදයක් අතරතුර ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *