ලෝකට පරකාසේ ගෙදරට මරගාතේ…! සමන් රවී සහ සෞඛ්‍ය අංශ මාස්ක් නැතිව විරෝධතාවක…!

December 9, 2021 at 11:22 am | by emanisa.lk

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් පිරිස එක්ව සිටියේ මුව ආවරණ රහිතවය.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුළු වෘත්තීය සමිති නායකයින් පිරිසක් අදාළ පෙළපාලියට නායකත්වය දෙමින් ඉදිරියෙන්ම ගමන් කළ නමුත් ඔවුහු මුව ආවරණ පැළඳ නොසිටියහ.

මෙම විරෝධතා පා ගමන සඳහා හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, රසායනාගාර තාක්ෂණ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නියුතු දහසකට වැඩි පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස