Wanderlust Reader Travel Awards තරගාවලියේ දී ලෝකයේ වඩාත් කැමති ම දිවයින ලෙස ශ්‍රී ලංකාව රන් පදක්කම දිනා ගෙන තිබේ.
මෙම සම්මාන උළෙල 23 වන වතාවටත් පසුගියදා ලන්ඩනයේදී පැවැති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ෂ දෙකකට අධික සංචාරක පිරිසක් තම ඡන්දය ලබා දී තිබිණි.
මෙම අංශයේ රිදී සම්මානය තායිවානය ද ලෝකඩ සම්මානය පෝටො රිකෝ රාජ්‍යය ද හිමි කර ගැනීමට සමත්ව තිබේ.
ලෝකයේ වඩාත් කැමති ම රට ලෙස ඔස්ට්‍රේලියාව ද ලෝකයේ වඩාත් කැමති ම නගරය ලෙස ජපානයේ ටෝකියෝ නගරය ද රන් සම්මාන ලබා ගත්තේ ය.