ලොකු වැඩ කරන්න ඔයාලා පුංචි වැඩියි… වැලිකොට්ටයක් ගහගෙන බස්හෝල්ට් එකක් පාටකරගෙන ඉන්න…! – පාඨලී…

January 17, 2026 at 9:32 am | by emanisa.lk

මේ ලෝකය බොහෝ විශාල වුව ද ආණ්ඩුවේ පිරිස කුඩා පක්ෂ කොටුවක සිටින පිරිසක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

“ඕගොල්ලෝ පුංචි පක්ෂ කොටුවක ඉන්න අය. මේ ලෝකය ගොඩක් විසල් එකක්. මේ වගේ ලොකු වැඩ කරන්න යන්න එපා. ඕගොල්ලන්ට කරන්න පුළුවන් වැඩ තියෙනවා.

ව්‍යසනයට විනාශ වුණ බෝක්කු හදන්න, වැලිකොට්ට ගහන්න, බස් ස්ටෑන්ඩ් පාට කරන්න. කෝච්චි ස්ටේෂන්වල කටයුතු කරන්න.

පුංචි පුංචි වැඩ ටිකක් කරන්න. ලොකු වැඩ කරන්න යන්න එපා. ලොකු වැඩ කරන්න ඕගොල්ලෝ හුඟාක් පුංචියි.”

සිය පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *