ලිංගික අධ්‍යාපනයට මුවා වෙලා දරුවෝ සමලිංගික කරන්න යන්නේ…!

January 11, 2026 at 7:25 pm | by emanisa.lk

ලිංගික අධ්‍යාපනය ලබා දීම යනු සිරුරේ සිදුවන වෙනස්කම් පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම වුවද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් දරුවා සමරිසි දිශානතියට පොළඹවා ගැනීමේ උත්සාහයක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලකිය යුතු කාලයක් ගෙන සාකච්ඡා කොට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට එහි අඩුපාඩු සකසා ගෙන අනතුරුව සමස්ත රටටම ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පෙන්වාදෙයි.

එම මොඩියුලවල සිංහල සහ ඉංගිරිසි භාෂාව පවා වැරදි අතර එමගින් දරුවන්ට වැරදි ආදර්ශයක් ලබා දෙන බවට ද විෂය මාලා බුදු දහම ප්‍රමුඛ මේ රටේ ඓතිහාසික සභ්‍යත්වය නොතකා හැර ඇති බවට ද විමල් වීරවංශ චෝදනා කරයි.

බෞද්ධ දරුවාට සියලු ආගම්වල කොටස් එකතු කර ආගමික සුප් එකක් පොවන්නේ ඔහු අනාගතයේ නිරාගමිකයකු කිරීමට දැයි සැක සිතෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

අද (11) මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ සුමංගල හිමි බැහැදැක හිටපු ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *