ලැජ්ජා සහගතම මාධ්‍ය භාවිතය ඇත්තේ ලංකාඊනිව්ස්හිය! – ආචාර්ය නිර්මාල් දේවසිරි

July 15, 2019 at 2:45 pm | by emanisa.lk

ලංකාවේ ලැජ්ජා සහගතම මාධ්‍ය භාවිතය ඇත්තේ ලංකා ඊ නිව්ස්හි බව ප්‍රකාශ කරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

සඳරුවන් සේනාධීර විසින් පවත්වා ගෙන යන lankaenews වෙබ් අඩවිය පසුගිය රාජපක්ෂ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් වර්තමාන ආණ්ඩුව පත් කර ගැනීම සඳහා මතවාද ගොඩනැඟීමෙහිලා සුවිශේෂ දායකත්වයක් සැපයූවේය. එකල ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙන්ම සඳරුවන් සේනාධීරලා ද එකම කඳවුරක් ලෙස ආණ්ඩුව විවේචනය කළේය.

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු එහි රනිල් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ලංකාඊනිව්ස්හි දිගින් දිගටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කර දැඩි විවේචන එල්ල කළ අතර විදුලි සංදේශ කොමිසම විසින් අදාළ වෙබ් අඩවිය තහනම් කිරීමට ද කටයුතු කළේය. එය ලංකාවේ තහනමට ලක්ව ඇති එකම වෙඩ් අඩවියයි.

වර්තමානයේ ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන එල්ල කරන විවේචන සහ පසුගිය සමයේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව lankaenews කටයුතු කළ ආකාරය පිළිබඳ වෙනසක් නොමැති තරම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස