ලැජ්ජා නොවී බුද්ධ ශාසන කැබිනට් අමාත්‍යංශයක් වෙනම පිහිටුවන්න….! – සජිත් ප්‍රේමදාස….

October 21, 2025 at 10:34 am | by emanisa.lk

බුද්ධ ශාසන කැබිනට් අමාත්‍යාංශයක් සහ අනෙකුත් ආගම් නියෝජනය වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශයක් නැවත ස්ථාපිත කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු සසුන ශක්තිමත් කර ආරක්ෂා කිරීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි ද බුද්ධ ශාසන අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම ලැජ්ජාවට කරුණක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස බුද්ධ ශාසන අමාත්‍යාංශයක් සහ බුද්ධ ශාසන අරමුදලක් ඇති කර සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට රාජ්‍ය නායකයා ලෙස වගකීම ඉටු කළ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

සෑම අතකින් ම සම්බුද්ධ ශාසනය විවිධ බලවේග හා අභියෝගවලට ලක් වෙමින් ඇතැයි කී විපක්ෂ නායකවරයා විජාතික කණ්ඩායම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ධර්මය විකෘති කරමින් සිටින බව ත් ඒ අනුව බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක අවශ්‍යතාව රටට තදින්ම දැනී තිබෙන බවත් ප්‍රකාශ කරයි.

අද වැනි යුගයක බෞද්ධ සියලු දෙනාගේ පූර්ණ අවධානය සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා චිරස්ථිතිය උදෙසා ක්‍රියාත්මක කළ යුතු නමුත් වත්මන් ආණ්ඩුව ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නැතැයි ද හෙතෙම චෝදනා කළේය.

ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ කඨින පුණ්‍යකර්මයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *