ලාල් උඹ බෘෘස්ලි නම් මම මයික් ටයිසන්… ෂොට් දෙකෙන් වැටෙන්න ගහනවා…!

January 25, 2026 at 9:49 am | by emanisa.lk

ආණ්ඩුව 88-89 කාලයේ මෙන් මේ වන විට චණ්ඩිකම් පෙන්වීමට පටන්ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

“දැන් 88-89 වගේ චණ්ඩිකම් පෙන්නන්න් හදනවා. ලාල්කාන්ත කියනවා රැස්වීමක අපි බෘෘස්ලි වගේලු, ෆවුල් ෂොට්ලු ගහන්නේ. උඹ බෘෘස්ලි නම් මම මයික් ටයිසන්. දෙකයි දෙන්නේ බිම ඇදගෙන වැටෙන්න.

චාමරගෙන් දෙකක් කෑවොත් බිම ඇදගෙන වැටෙනවා ලාල්කාන්ත උඹ. උඹ බෘෘස්ලිගේ ෂොට් ගහනකොට හොම්බට දෙකයි අනින්නේ. මයික් ටයිසන් ගැහුවා වගේ ගහන්නේ උඹට.

මට දෙමළ කතා කරන්න පුළුවන් වතුර වගේ. හැබැයි ඒ ලයිමේ දෙමළ. ඒවා ජාතික උත්සවයක කතා කරන්න බෑ. ඒ වගේම සුද්දෙක් පාරක් ඇහුවොත් ඕන මිනිහෙකුට කතා කරන්න පුළුවන්. එහෙම ඉංගිරිසිකාරයෝ ටිකක් තමයි ආණ්ඩුවේ ඉන්නේ. එකෙක්වත් හැබැයි බෑ කියන්නේ නෑ. මම විතරයි බෑ කිව්වේ. රටම අල්ලපු මාතර මිනිස්සුන්ට මේ පාර තමයි වැරදුනේ බික් කුච්චන්ලා දෙන්නෙක් ගෙනැල්ලා.”

මාතර පැවති ජනහමුවක් අමතමින් චාමර සම්පත් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *