පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.
නිමල් ලන්සා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ පොහොට්ටුවේ පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටීම මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොහොට්ටුවෙන් ඉවත්ව සිටින අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේමජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින අතර පොහොට්ටුවෙන් තවත් පිරිස් ගැනීමට ද සූදානමින් සිටින බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතවතකු බවට මෑතක සිට පත්ව සිටින නිමල් ලන්සා ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක් ද ලබා දී ඇතැයි දැනගන්නට තිබේ.