ලක්ෂ පන්සීයක නිවස ලක්ෂ 50ට ලියා ගනී… වසන්ත සමරසිංහ නිතර වොෂ් දාන්න එයි…!

June 5, 2025 at 9:29 am | by emanisa.lk

අනුරාධපුර නගර මැද පිහිටි නිවසක් රුපියල් ලක්ෂ පණහක මුදලකට දේශපාලනඥයකු විසින් ලියාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සඳහන් කරයි.

එහි ඔප්පුව ලියා ඇත්තේ ජාතික ජනවේගයේ නීතිඥ මන්ත‍්‍රිවරයෙකු යයිද ඔහු පවසයි.
මෙම ඉඩම රුපියල් ලක්ෂ පනහකට ලියාගත්ත ද එහි සැබෑ වටිනාකම ලක්ෂ පන්සීය ඉක්මවන බවත් ඔහු සඳහන් කරයි.

මෙම නිවසට ඇමති වසන්ත සමරසිංහ නිතර පැමිණ වොෂ් දාගන්න බවත් හෙතෙම තව දුරටත් පවසයි.

ඊයේ (04) පාර්ලිමේන්තුව අමතමින් එහි ඔප්පු පිටපතක් සභාගත කරමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *