ලක්ෂ දහයෙන් ගෙවල් හදන හැටි පෙන්නන්න ගම්පහට එනු..! – නි. ඇමති මහින්ද ජයසිංහ…

November 9, 2025 at 10:51 am | by emanisa.lk

රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලා ප්‍රශ්න කළත් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් එවැනි නිවාස 218ක් මේ වන විට සාදා නිමකර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“කියන්නෙ නම් ආර්ථික ඔස්තාද්ලා කියලා, හැබැයි අද පුංචි කරුණක් ගැනවත් ඔවුන්ට අදහසක් හදාගන්න බැරි තරමට කොන්ෆියුස් වෙලා තිබෙනවා. හර්ෂ ද සිල්වා ආචාර්යතුමා ඇහුවා ලක්ෂ 10න් කොහොමද ගෙවල් හදන්නෙ

මම ආරාධනා කරනවා එන්න ගම්පහට යන්න, අපි ගෙවල් 218ක් නිමකරලා තිබෙනවා, 218ම පෙන්වන්නම් කොහොමද හදලා තියෙන්නෙ කියලා. මේක එහෙම දේශපාලන ව්‍යාපාරයක්. විපක්ෂයට ඒක තේරුම් ගන්න බෑ.”

මහින්ද ජයසිංහ මේ බව පැවසුවේ ඊයේ (08) ආරම්භ වූ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *