ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍රට විරුද්ධව නව ජනතා පෙරමුණෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් අද(21)දින ඉදිරිපත් කළේය.
නව ජනතා පෙරමුණ කොළොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට මෙම පැමිණිල්ල යොමු කර තිබේ.
එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ,
පසුගිය තිඹිරිගස්යාය ප්‍රාද්ශිය සංවර්ධන කමිටු රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය ආයතනයකින් ලබා ගත් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කළ බවත් එම නඩු තීන්දුව නොසලකා හැර කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි.
“ඒ නිසා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අපි ඉල්ලනවා රටේ අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රට වහාම නීතිය ක්‍රියාත්මක කරලා ඇයට නිසි දඩුවම් ලබා දෙන්න කියලා. මීට කලින් ගරු අධිකරණයට අපහාස කිරීම නිසා එස් බී දිසානායක වැනි දේශපාලඥයින්ටත් තදින් නීතිය ක්‍රියාත්මක වුණා.
ලක්මාලි හේමචන්ද්‍ර වෙනුවෙන් ගනු ලබන තීරණය සම්බන්ධව අපි අවධානයෙන් සිටිනවා.
ලක්මාලි හේමචන්ද්‍ර වහාම අත්අඩංගුවට ගත යුතු අතර ඇයගේ නීතිඥභාවය අහෝසි කරන්න කටයුතු කළ යුතුයි.
අධිකරණ සේවා සභාව විසින් මේ සම්බන්ධව ගනු ලබන තීරණය දෙස මුළු රටම බලාගෙන ඉන්නවා. ඵ් වගේම නව ජනතා පෙරමුණ විසින් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අධිකරණයට සිදු කළ අපහාසය වෙනුවෙන් එම අධිකරණයේම නඩු පවරන්න බලා පොරොත්තු වෙනවා.”