වසර ගණනාවක් තිස්සේ විදුලි නිෂ්පාද පිරිවැයට වඩා විශාල මුදලක් විදුලි බිල ලෙස රජය අය කර ගැනීම ජනතාවට විශාල බරක් වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාව පීඩාවට පත්කරමින් අධික මිලක් ගෙවීමට බලකර උපයාගත් බිලියන ගණනක් වන මුදල තව පිරිසක් බෝන්ස් විදිහට අත්පත්කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.
සුදුසු වැටුපක් සහ වරප්‍රසාද ලබා ගැනීම පිළිගත හැකි වුව ද අසාධාරණ විදුලි බිලක් නිසා ලංවිම ගිණුමේ එකතු වූ මුදල් මෙලෙස ඩැහැ ගැනීමට උත්සාහ කිරීම ජනතාවට කරන ද්‍රෝහීකමක් බව හෙතෙම පෙන්වා දෙයි.