විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව මේ වන විට එහි වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී ඇත.