ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත 6.8%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් යෝජනා කර ඇතැයි The Sunday Morning පුවත්පත වාර්තා කරයි.
මහජන උපයෝගීතා කොමිසම ඒ පිළිබඳ මෙතෙක් තීන්දුවක් ලබා දී නොමැත.
පසුගිය ජුනි මාසයේ ද විදුලි බිල 15%කින් ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබිණි. විදුලි බල මණ්ඩලය එම අවස්ථාවේ 18.3%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් ඉල්ලා තිබිණි.