උතුරු-මැද පළාත් සභාවේ වාහන කිහිපයක් ටෙන්ඩර් ක්‍රමයට අලෙවි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව මත ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර තිබේ.
ප්‍රියන්ත ප්‍රනාන්දු අනුරාධපුර කලාපයට අයත් ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී වෘත්තීය කටයුතු සඳහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කර තිබේ.
ඒ් අතර “අපි පුරවැසියෝ” නම් සංවිධානයක කැඳවුම්කරු ලෙස හඳුන්වා ගනිමින් 2025.05.30 දින රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් මෙසේ වැඩ තහනමට ලක්කර ඇත.
උතුරු-මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් එස්. කේ. ජයලත් විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇත.