ලංකාව ලොව සතුටින්ම මිනිස්සු සිටින රටවල් අතරට ගේනවා….! – නි. ඇමති නලින් හේවගේ….

November 17, 2026 at 10:02 am | by emanisa.lk

ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“මේ අයවැය තුළින් අපි වැඩිම අවධානය යොමු කළේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට. බිලියන 740ක වගේ දැවැන්ත මුදලක්.

අපි බලාපොරොත්තු වෙනවා ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේන්න. දැන් දකුණු ආසියාවේ සාමකාමීම දෙවැනි රට. අපි එනකොට ලෝකේ හිටියේ 97, දැන් 67”

නි. ඇමති නලින් හේවගේ මේ බව පැවසුවේ ඊයේ (16) පැවති උත්සව සභාවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස