ලංකාව ආසියාවේ පිරිසිදුම රාජ්‍යය කරනවා..! – ජනපති…

October 22, 2024 at 10:44 am | by emanisa.lk

‘ක්ලීන් ශ්‍රී ලංකා’ නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඒ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ගොඩනඟන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා දියත්කරන මෙම ව්‍යාපෘතිය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ඒ සඳහා දායක විය හැකි සියලු දෙනාට දායක විය හැකි අරමුදලක් නිර්මාණය කිරීමට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සෑම ගඟක්, ඇළක්, වෙරළක්, පාරක්, මංමාවත් ඇතුළු සෑම ස්ථානයක්ම එමඟින් පිරිසිදුභාවයට පත්කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ආසියානු කලාපයේ පිරිසිදුම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද වැඩි දුරටත් පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ, පෙරේදා(20) හෝමාගමදී පැවැති ජාතික ජන බලවේගයේ මැතිවරණ රැළියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *