ලංකාව අපට ඇස් 35, 000ක් දන් දුන්නා..! නමුත් අපට පෙනීම ලබා ගන්න බැරිවුණා..! අපි ගැන අපට ම ලැජ්ජයි…! – පාකිස්ථානු වෛද්‍යවරයෙක්…

December 5, 2021 at 7:24 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව අක්ෂි කාච ප්‍රදානය කරන ප්‍රමුඛතම රට පාකිස්ථානය බවත් 1967 වසරේ සිට කාච 67, 000කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත් එරට ප්‍රමුඛතම අක්ෂි ශෛල්‍ය විශේෂඥයකු වන වෛද්‍ය නියාස් බ්‍රෝහි පවසයි.

ශ්‍රී ලංකාව 1967 සිට අක්ෂි කාච 83, 200ක් ලොව පුරා රටවලට පරිත්‍යාග කර ඇති බවත් ඒ අතරින් 40%ක් ම ලබා දී ඇත්තේ පාකිස්ථානයට බවත් වෛද්‍ය නියාස් පෙන්වා දෙයි.

පාකිස්ථානයේ ප්‍රථම කෝනියා බද්ධය සඳහා අක්ෂි කාචය ලබා දුන්නේ ශ්‍රී ලංකාව බව ද හෙතෙම සිහිපත් කරයි.

ප්‍රියන්ත කුමාරගේ ඝාතනය සමග සෙසු පාකිස්ථානුවන් සේ ම තමන් ද මහත් ලැජ්ජාවට පත් බව පවසන වෛද්‍ය නියාස් ලාංකිකයින් පාකිස්ථානයට ඇස් ලබා දුන්න ද තම ජාතියට ඇස නොපෙනුණු බව ද ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *