ලංකාවේ මිතුරු ඉරාන හිටපු ජනපති මියගිය පුවත බොරු…?

March 2, 2026 at 5:19 pm | by emanisa.lk

ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාද්, ඊයේ (01) උදෑසන ටෙහෙරානයට එල්ල වූ ඊශ්‍රායල-ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට පළවූ වාර්තා අසත්‍ය බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල-ඇමරිකානු හමුදා තෙහෙරානයේ පිහිටි මහමුද් අහමදිනෙජාද්ගේ නිවසට පහර දී ඇති අතර ඉන් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් තිදෙනකු ද මියගොස් තිබේ. කෙසේ වුවද ඔහුගේ ප්‍රකාශකයෙකු පවසන්නේ එම ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් මිය ගියද එම ගොඩනැඟිල්ලට මීටර් 100ක් පමණ ඈතින් පිහිටි මහමුද් අහමදිනෙජාද් රැඳී සිටි නිවසට කිසිදු හානියක් නොවූ බවයි.

2005 සිට 2013 දක්වා ඉරාන ජනාධිපති ධුරය හෙබවූ අහමදිනෙජාද් ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරරෙකි. 2008 දී මෙරට නිල සංචාරයක නිරත වූ ඔහු, ශ්‍රී ලංකාවේ දැවැන්තම බහුකාර්ය ව්‍යාපෘතියක් වන ‘උමා ඔය ව්‍යාපෘතිය’ ආරම්භ කිරීමට සහාය ලබා දුන් නිසා ඔහුගේ අභාවය පිළිබඳ අසා බොහෝ ශ්‍රී ලාංකිකයන් කනගාටුවට පත්විය.

මූලාශ්‍ර – https://www.aa.com.tr/en/middle-east/former-iranian-president-ahmadinejad-is-alive-adviser/3845726

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *