ලංකාවේ ණය කන්ද පිදුරුතලාගල සීමාවේ… මාසිකව රු. බිලියන 700 ඉක්මවා ණය වෙයි…!

March 17, 2025 at 2:52 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව පසුගිය ජනවාරි මස සිට මසකට රු. බිලියන 700කට වැඩි ණය මුදලක් ලබා ගනිමින් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

IMFහි ආර්ථික විශේෂඥයකු වන තලාල් රාෆි පෙන්වා දෙන්නේ, භාණ්ඩාගාර බිල්පත් වැනි දේශීය වෙළඳපොළ ණය මූලාශ්‍ර ඔස්සේ මෙම ණය ලබා ගනිමින් ඇති බවයි.

ආණ්ඩුව පවත්වා ගෙන යෑමට මෙම ණය මුදල ගැනීමට සිදුව ඇති බවත් එය වත්මන් හෝ පැවති ආණ්ඩුවල වරදක් නොව කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වූයේ මෙලෙස බව ද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *