රෝහල්වලට අනවශ්‍ය සම්පත් ලබා දීමෙන් ගැටලු රැසක් මතු වෙලා…! – සෞඛ්‍ය ඇමති…

January 11, 2025 at 10:18 am | by emanisa.lk

සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවට සහ අවශ්‍යතාවන්ට නොගැළපෙන, භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටලු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

විශේෂයෙන්ම නිසි සැලසුමකින් තොරව රජයේ රෝහල්වලට ගොඩනැඟිලි සහ වෛද්‍ය උපකරණ අනවශ්‍ය පරිදි ලබාදීම නිරන්තරයෙන් සිදුවන බවත්, අනතුරුව ඒවා භාවිතයට කාර්ය මණ්ඩල සපයා නොමැති බවට අමාත්‍යාංශයට බහුල ලෙස චෝදනා එල්ලවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන්හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව පසුගියදා රෝහල් පාලනාධිකාරිය සමග එම රෝහල් පරිශ්‍රයේ පැවැත් වූ සාකච්ඡාවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *