රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිතයින් රට පුරා…! බූස්ටර් එන්නත විදගන්න දැඩි උනන්දුවක්…!

February 17, 2022 at 2:04 pm | by emanisa.lk

රෝග ලක්ෂණ රහිත කොරෝනා අසාදිතයින් හරහා ඔමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ, ඒ හේතුවෙන් දැනටමත් කොරෝනා ආසාදිත මරණ ඉහළ අගයක් ගෙන ඇති බවයි.

මේ අතර බුස්ටර් එන්නත ලබා ගැනීම සඳහා මේ වන විට ජනතාව අතර දැඩි උනන්දුවක් පවතින බව ද විශේඥ වෛද්‍ය හේරත් මහතා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කෙසේ නමුත් රටේ ජනගහනයෙන් මිලියන 1-2 ත් අතර ප්‍රමාණයක් කිසිදු එන්නතක් හෝ ලබා ගෙන නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *