වසර 150ක් ඈතට දිවෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ඉන්දියානු ඖෂධ ප්‍රමිතිය පිළිනොගත් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
එහෙත් පසුගියදා වර්තමාන ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් අතර ඉන්දියානු ඖෂධ ප්‍රමිතිය පිළිගැනීම මෙන්ම ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන එන ඖෂධ ලංකා රජයේ රසායනාගාරවල පරීක්ෂණයට බදුන් නොකර රෝගීන්ට ලබා දීම ද ඇතැයි ඔහු පෙන්වා දෙයි.
රජයට පවසන පරිදි මෙයට පෙර ආන්දෝලනයට ලක්ව භාවිතය නවතා දමා ඇති ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත් කුප්පි එක්ලක්ෂ විසිදහසක් මෙයට පෙර භාවිත කර ඇති බවත් එහි ගැටලුවක් මතුව නැති බවත් පුබුදු ජයගොඩ සඳහන් කරයි.
දැනට ගැටලුව මතුව ඇත්තේ පසුගිය සැප්තැම්බර් මස පැමිණි එම ඖෂධ කාණ්ඩයේ බවත් එම තොගය ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාව සමග පෙර කී ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව බවත් ඔහු අවධාරණය කරයි.