වසර 100කට වඩා පැරණි පරිණත වෘත්තිය සමිතියක් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝගීන් අසීරුතාවට පත් නොකර සාකච්ඡා කර ගැටලු විසඳා ගැනීම වඩා උචිත යැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජයමුණි පවසයි.
දේශපාලඥයන් වශයෙන් තමන් මෙන්ම වෘත්තීය සමිතිද දේශපාලනය කරන බවත් රෝගීන් අතහැර දේශපාලන පිටියේදී හමුවී ගනුදෙනුව බේරාගැනීමට සූදානම් බවත් හෙතෙම අවධාරණය කරයි.
නි. ඇමතිවරයා පසුගියදා මේ බව (24) සඳහන් කරන ලද්දේ වත්තේගම, මීගම්මනවත්තේදී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යස්ථාව සකස් නොකරන්න සහ සිය ආර්ථික ගැටලු විසඳා දෙන්න යැයි පවසමින් රජයේ වෛද්‍යවරුන් සංකේත වර්ජනයක නිරත වන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රෝගීන් පීඩාවට පත් කිරීම අනුමත කළ නොහැකි යැයි කීවේය.
සේවා ව්‍යවස්ථාව පරිපාලනමය කාර්යයක් වන බව කී ඒ මහතා වසර ගණනාවක සිට විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින කාරණයක් සඳහා මුල පිරීමක් පමණක් සිදු කළ බව පැවසුවේය. එහිදී මෙම ගැටලුව රෝගීන්ට හෝ රජයට හෝ විසඳිය නොහැකි යැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය සෞඛ්‍ය පරිපාලනය විසින් සිදු කරන ලද්දක් වන බව කීවේය.
වැටප් ඉහළ නැංවීම සිදුකළ යුතු යැයි කරන ඉල්ලීමේදී රජයේ සේවක වැටප් ඉහළ නැංවීම සමස්ථ රාජ්‍ය සේවයට සිදුවූ බවත් ඊට සමගාමීව වෛද්‍යවරුන්ගේ වැටුප ද සැලකිය යුතු අයුරින් ඉහළ නැංවූ බව කීවේය. ආපදාවෙන් රට මුදා ගැනීම සඳහා රජය විශාල කාර්යයභාරයක් ඉටු කරන අවස්ථාක මෙවැනි ඉල්ලීම් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවත් මහ බැංකුවේ සියලු මුදල් ලබා දුන්න ද වර්ජකයන්ට එය ප්‍රමාණවත් නොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුනි තව දුරටත් කීවේය.