රෝගියාගේ ඥාතීන් ලවා බෙහෙත් ගෙන්වා ගන්න… එහෙම කළාට වෛද්‍යවරුන් අත් අඩංගුවට ගන්නේ නෑ…! – නි. සෞඛ්‍ය ඇමති….

June 22, 2025 at 2:27 pm | by emanisa.lk

රෝගියෙකුට උවමනා ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ රෝහලේ නොමැති අවස්ථාවක එම බෙහෙත් රෝගියාගේ ඥාතීන් ලවා ලබා ගැනීම මහා අපරාධයක් නොවන බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරිය සම්බන්ධ සිද්ධිය දැනට නීතිය හමුවේ විභාග වන නිසා ඒ ගැන අදහස් ප්‍රකාශ නොකරන බවයි, ඔහු සඳහන් කරන්නේ.

දැනට පවතින නීති අනුව යම් හිඟ ඖෂධයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ රෝහලට ලබා ගැනීමට දින කිහිපයක් ගතවිය හැකි බවත් ඒ කාලය තුළ රෝගියාගේ ජීවිතයට යම් හානියක් වීමේ අවදානමක් ඇති බවත් සෞඛ්‍ය නි. ඇමතිවරයා පෙන්වා දෙයි.

එහෙයින් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට උවමනා අවස්ථාවල ඔහුගේ ඥාතීන් මගින් බෙහෙත් පිටතින් ලබා ගැනීමට බිය යුතු නැති බවත් එසේ කිරීම නිසා වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්නා බවට පැතිර යන කටකතා සත්‍ය නොවන බව ද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කරයි.

නි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *