ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු අද (27) පස්වරුවේ දිවුරුම් දුන්නේය. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.
රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අදාළ අමාත්‍යංශ පුරප්පාඩු විය. ක්‍රීඩා අමාත්‍ය ධූරය එස්.බී. දිසානායකට හිමි වන බවට මීට පෙර වාර්තා පළ විය.