රේගුවේ තදබදය සැලසුමේ කොටසක්… කන්ටේනර් 323 එළියට ගත්තාම පෝළිම ඉවරයි…!

January 30, 2025 at 5:46 pm | by emanisa.lk

දින කිහිපයක් තිස්සේ භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පැමිණි කන්ටේනර් නිසා ඔරුගොඩවත්ත අවට විශාල පෝලිමක් නිර්මාණය වී පැවති බව සමාජ අසාධාරණයට විරුද්ධ තරුණ හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු පවසයි.

එහෙත් කිසිදු පරික්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් නිදහස් කරගත් පසු එම කන්ටේනර් පෝලිම දක්නට නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මේ අනුව අදාළ කන්ටේනර් 323 නිදහස් කරගැනීම සඳහා රේගුව තුළ සැලසුම්සහගතව තදබදයක් නිර්මාණය කළේ ද යන සැකය තමන්ට ඇතැයි හෙතෙම සඳහන් කරයි.

සුචරිත දේශපාලනයට ආ ඇත්ත මිනිස්සු මේ වන විටත් බුද්ධිමය වංචා සහ වංචා සිදුකර ඇති බවත් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ සඳහා ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් රේගුවෙන් මුදා හැරීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම සඳහා පැමිණි අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *